ජාතියක් නිරෝගී කල උදෑසන ආහාරය දිය බත


දිය බත කියන්නේ ගැමි ජනවහරත් එක්ක බැදුනු රස ගුණ පිරි ආහාර වේලකි.අම්ල පිත්ත රෝගින්ට,යටි පතුල් පැලෙනවාට,ශරිරයේ බිබිලි,කටතොල් තුවල ඇති වන අයටත් ඉතාමත් ගුණදායි දිය බත් උදෑසන ආහාර වේලකට කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:-
🔖රාත්‍රියේ උයා ඉතිරි   වූ බත් කොප්ප 2
🔖පොල් කිරි කොප්ප 2
🔖හීනියට කපාගත් අමුමිරිස් කරල් 2
🔖කපා ගත් රතු ලුණු ගෙඩි 5,6
🔖ලුණූ රස අනුව
🔖උම්බලකඩ මේස හැදි 2
🔖පුලුස්සා ගති වෙලුනු මිරිස් කරල් 2
🔖දෙහි රස අනුව

සාදා ගන්න ආකාරය

රාත්‍රි කාලයේ ඉතිරි වු බත් දියට දමා තබා උදෑසනට දිය බේරා ගන්න.ඉන් පසුව බත් හැර අනික් සියල්ලම භාජනයට දමා හොදින් කලවම් කරන්න.පුලුස්සා ගත් මිරිස් හොදින් පොඩි කර ගන්න.එයට බත් ටික දමා හැන්දකින් හොදින් පොඩි කරමින් කලවම් කරන්න.දැන් දිය බත සුදානම්.

Comments