කටට රසට මාළු ඩෙවල් එකක්


මාළු ඩෙවල් — ඔන්න අද කියලා දෙන්න යන්නෙ “මාළු ඩෙවල්” එකක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් “මාළු ඩෙවල්” හදන්නේ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය පහතින් …./තලපත් මාළු 500g/ලොකු ළුෑණු 50g/තක්කාලි ගෙඩි 02/මාළු මිරිස් කරල් 06/අමුමිරිස් කරල් 04/කෑලි මිරිස්‌ තේ හැදී 04/ගම්මිරිස් කුඩු තේ හැදී 1/2/දෙහි ගෙඩි 01/සුදුළුෑණු තේ හැදී 01 (සිහින්ව කපාගත්)/ඉගුරු තේ හැදී 1/2 (සිහින්ව කපාගත්)/කරපිංචා ස්වල්පයක්/පදමට ලුණු/සොයා සෝස් තේ හැදී 04/තක්කාලි සෝස් මේස හැදී 03/සුප් කැට 01/සිනි තේ හැදී 1/2/එළවළු තෙල් (බැද ගනීමට)/වතුර ස්වල්පයක්සාදා ගන්නා ආකාරය — පළමුව සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න. ඉන් අතුරුව එයට දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර අත ගා පදම් වෙන්න (සීසන් වෙන්න) විනාඩි 15 පමණ තබන්න. ඉන්පසු ලොකු ළුෑණු, මාළු මිරිස්, තක්කාලි, ඩෙවල් හැඩයට කපා ගන්න. (ඔයාලා කැමති හැඩයකට උනත් කපාගන්න පුලුවන්.) අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් දමා තෙල් රත්වූ පසු මාළු කැබලි තෙලට දමා හොදින් බැද ගන්න. ඉන් පසු පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු කපා ගන්නා ලද සුදුළුණු සහ ඉගුරු එකතුකර, රන් පැහැය වූ පසු එයට කරපිංචා, ලොකු ළුණු සහ මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න. අනතුරුව එයට කැලි මිරිස් සහ සොයා සෝස් ස්වලපයක් මිශ්‍ර කර, බැදගත් මාළු කැබලිද එයට එකතු කර, ලිපේ ගින්දර මදක් අඩුකර, එයට තක්කාලි සෝස්, සිනි සහ අනිකුත් රස කාරක මිශ්‍ර කර විනාඩියකින් පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතකර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර හැකි විගස ලිපෙන් බාගන්න. එච්චරයි! දැන් තියෙන්නෙ ඩෙවල් එක වෙන භාජනයක දාලා කෑම මේසයට යවන්න විතරයි.වැදගත්: ඔයාලට අවශ්‍යනම් මේකට කංකුන් සහ ලිස් එකතු කරගන්න පුලුවන්. හැබැයි කංකුනුයි ලීසුයි දානවා නම් දාන්න ඕනෙ අන්තිමට. එහෙම නැතුව මුලින් දා ගත්තොත් එහෙම කංකුන් සහ ලීස් වල පාටයි රසයයි වෙනස් වෙනවා.

Comments