කොස් මදුලු වලින් සොසෙජස් හදමු

හුමාලයෙන් තම්බා ගත් කොස් මදුලූ ග‍්‍රෑම් 500 කින් පිළියෙළ කිරීම ඇරඹුවා යයි සිතන්නේ නම් ආහාරය පිළියෙළ කරගැනීම උදෙසා පහත දැක්වෙන දෑ සූදානම් කරගත යුතුවේ.පිළියෙළ කරගන්නා ක‍්‍රමය… තම්බා ගත් කොස් මදුලූ, හතු සහ පැළවෙන මුං වෙන වෙනම බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. අනතුරුව මේ ද්‍රව්‍යයන් සියල්ල, කුළුබඩු හා මාජරීන් සමග එකතුකර හොඳින් අනාගත යුතුයි. මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 35 ක් පමණ ගෙන වෙළෙඳපොළේ දැක පුරුදු සොසේජ් එකක් තරමට එන පරිදි පොලිතීන් දවටනයක් තුළ රෝල්කර දෙකොන ගැටගසා සොසේජ් එක පිළියෙළ කරගන්න. මෙය පැය 12 ක් අධිශීතකරණයේ තැබිය යුතුයි. අනතුරුව පිටතට ගෙන පොලිතීන් ඇසුරුම ගලවා දමා ඇලූමිනියම් දවටනයකින් වසා විනාඩි 15 ක් හුමාලයේ තැම්බීමෙන් පිළියෙළ කිරීමේ කටයුතු අවසන් වේ. ගෘහස්ත පාරිභෝජනයට නම් ඇලූමිනියම් දවටනය පිටින්ම මෙය අධිශීතකරණයේ මාසයක් පමණ කල් තබාගත හැකිය. අවශ්‍ය විටදී ආවරණය ඉවත්කර, අයිස් තත්ත්වය දියවීමට හැර කලින් පිසූ සාමාන්‍ය සොසේජස් තෙල් ස්වල්පයකින් බැදගන්නා සේම පිසගත හැකිය. රික්ත ඇසුරුම් ක‍්‍රමවේදය යටතේ ඇසිරීමේ හැකියාව ඇත්නම් ඒවා මාස 2 ක් වුවත් අධිශීත තත්ත්වය යටතේ ගබඩා කළ හැකි වේ.

Comments