Posts

Showing posts from September, 2019

කොස් මදුලු වලින් සොසෙජස් හදමු

Image
හුමාලයෙන් තම්බා ගත් කොස් මදුලූ ග‍්‍රෑම් 500 කින් පිළියෙළ කිරීම ඇරඹුවා යයි සිතන්නේ නම් ආහාරය පිළියෙළ කරගැනීම උදෙසා පහත දැක්වෙන දෑ සූදානම් කරගත යුතුවේ.පිළියෙළ කරගන්නා ක‍්‍රමය… තම්බා ගත් කොස් මදුලූ, හතු සහ පැළවෙන මුං වෙන වෙනම බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. අනතුරුව මේ ද්‍රව්‍යයන් සියල්ල, කුළුබඩු හා මාජරීන් සමග එකතුකර හොඳින් අනාගත යුතුයි. මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 35 ක් පමණ ගෙන වෙළෙඳපොළේ දැක පුරුදු සොසේජ් එකක් තරමට එන පරිදි පොලිතීන් දවටනයක් තුළ රෝල්කර දෙකොන ගැටගසා සොසේජ් එක පිළියෙළ කරගන්න. මෙය පැය 12 ක් අධිශීතකරණයේ තැබිය යුතුයි. අනතුරුව පිටතට ගෙන පොලිතීන් ඇසුරුම ගලවා දමා ඇලූමිනියම් දවටනයකින් වසා විනාඩි 15 ක් හුමාලයේ තැම්බීමෙන් පිළියෙළ කිරීමේ කටයුතු අවසන් වේ. ගෘහස්ත පාරිභෝජනයට නම් ඇලූමිනියම් දවටනය පිටින්ම මෙය අධිශීතකරණයේ මාසයක් පමණ කල් තබාගත හැකිය. අවශ්‍ය විටදී ආවරණය ඉවත්කර, අයිස් තත්ත්වය දියවීමට හැර කලින් පිසූ සාමාන්‍ය සොසේජස් තෙල් ස්වල්පයකින් බැදගන්නා සේම පිසගත හැකිය. රික්ත ඇසුරුම් ක‍්‍රමවේදය යටතේ ඇසිරීමේ හැකියාව ඇත්නම් ඒවා මාස 2 ක් වුවත් අධිශීත තත්ත්වය යටතේ ගබඩා කළ හැකි වේ.

කටට රසට මාළු ඩෙවල් එකක්

Image
මාළු ඩෙවල් — ඔන්න අද කියලා දෙන්න යන්නෙ “මාළු ඩෙවල්” එකක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් “මාළු ඩෙවල්” හදන්නේ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය පහතින් …./තලපත් මාළු 500g/ලොකු ළුෑණු 50g/තක්කාලි ගෙඩි 02/මාළු මිරිස් කරල් 06/අමුමිරිස් කරල් 04/කෑලි මිරිස්‌ තේ හැදී 04/ගම්මිරිස් කුඩු තේ හැදී 1/2/දෙහි ගෙඩි 01/සුදුළුෑණු තේ හැදී 01 (සිහින්ව කපාගත්)/ඉගුරු තේ හැදී 1/2 (සිහින්ව කපාගත්)/කරපිංචා ස්වල්පයක්/පදමට ලුණු/සොයා සෝස් තේ හැදී 04/තක්කාලි සෝස් මේස හැදී 03/සුප් කැට 01/සිනි තේ හැදී 1/2/එළවළු තෙල් (බැද ගනීමට)/වතුර ස්වල්පයක්සාදා ගන්නා ආකාරය — පළමුව සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න. ඉන් අතුරුව එයට දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර අත ගා පදම් වෙන්න (සීසන් වෙන්න) විනාඩි 15 පමණ තබන්න. ඉන්පසු ලොකු ළුෑණු, මාළු මිරිස්, තක්කාලි, ඩෙවල් හැඩයට කපා ගන්න. (ඔයාලා කැමති හැඩයකට උනත් කපාගන්න පුලුවන්.) අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් දමා තෙල් රත්වූ පසු මාළු කැබලි තෙලට දමා හොදින් බැද ගන්න. ඉන් පසු පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු කපා ග...

ජාතියක් නිරෝගී කල උදෑසන ආහාරය දිය බත

Image
දිය බත කියන්නේ ගැමි ජනවහරත් එක්ක බැදුනු රස ගුණ පිරි ආහාර වේලකි.අම්ල පිත්ත රෝගින්ට,යටි පතුල් පැලෙනවාට,ශරිරයේ බිබිලි,කටතොල් තුවල ඇති වන අයටත් ඉතාමත් ගුණදායි දිය බත් උදෑසන ආහාර වේලකට කදිමයි. අවශ්‍ය ද්‍රව්‍ය:- 🔖රාත්‍රියේ උයා ඉතිරි   වූ බත් කොප්ප 2 🔖පොල් කිරි කොප්ප 2 🔖හීනියට කපාගත් අමුමිරිස් කරල් 2 🔖කපා ගත් රතු ලුණු ගෙඩි 5,6 🔖ලුණූ රස අනුව 🔖උම්බලකඩ මේස හැදි 2 🔖පුලුස්සා ගති වෙලුනු මිරිස් කරල් 2 🔖දෙහි රස අනුව සාදා ගන්න ආකාරය රාත්‍රි කාලයේ ඉතිරි වු බත් දියට දමා තබා උදෑසනට දිය බේරා ගන්න.ඉන් පසුව බත් හැර අනික් සියල්ලම භාජනයට දමා හොදින් කලවම් කරන්න.පුලුස්සා ගත් මිරිස් හොදින් පොඩි කර ගන්න.එයට බත් ටික දමා හැන්දකින් හොදින් පොඩි කරමින් කලවම් කරන්න.දැන් දිය බත සුදානම්.